The CEFR Levels in English Language

The CEFR Levels in English Language

ඉංග්‍රීසි ඉගෙන්ගන්න පටන්ගන්න කලින් හරියට දැනගමු. අපි හැමෝම කැමතියි ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් වෙන්න. ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් වීම යන්නෙන් අදහස්වන්නේ නිවැරදිව ඉංග්‍රීසි බසින් අදහස් හුවමාරුකරගැනීමට හැකිවීමයි.
මෙහිදී ඔබ භාවිතාකරන ඉංග්‍රීසි කොතරම් දුරට නිවැරදිද යන්න තීරණය වන්නේ එය ස්වදේශික ඉංග්‍රීසි කථාකරන්නෙක්ගේ ඉංග්‍රීසි වලට කොතරම් දුරට ආසන්නද කියන එක මතයි.

අදහස් ප්‍රකාශකිරීමට ඔබ පාවිච්චිකරන වචන, යෙදුම්, වාක්‍ය රටා මෙන්ම උච්චාරණයද ඔබ භාවිතාකරන ඉංග්‍රීසියේ ගුණත්වය පෙන්වයි. ස්වදේශික ඉංග්‍රීසි කථිකයෙක් මට්ටමට ඉංග්‍රීසි බස හැසිරවීමට කෙනෙක්ව පුහුණුකරන ක්‍රමය වෙනත් භාෂාවන් කථාකරන අය සඳහා ඉංග්‍රීසි (English for Speakers of Other Languages – ESOL) ලෙස හඳුන්වනවා.

මෙහිදී නිවැරදි ඉගෙනීමක් තුලින් ඉංග්‍රීසි වචන හා ව්‍යාකරණ දැනුම වර්ධනය කරන අතර විධිමත් පුහුණුවක් තුලින් කථනය, ලිවීම, කියවීම හා ශ්‍රවණය යන චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනය කරනවා. මෙම ක්‍රමවේදය ඔස්සේ මුලසිට සරලව විධිමත්ව ඉංග්‍රීසි බස හසුරවන්නෙක් වීම සඳහා ක්‍රමයෙන් උසස් වන මට්ටම් 07 ක් හඳුන්වාදී ඇත.

  • Beginner’s Level – ආරම්භක මට්ටම
  • Elementary Level – මුල් ව්‍යවහාර මට්ටම
  • Pre-intermediate Level – පූර්ව අන්තර්මාධ්‍ය මට්ටම
  • Intermediate Level – අන්තර්මාධ්‍ය මට්ටම
  • Upper-intermediate Level – ඉහල අන්තර්මාධ්‍ය මට්ටම
  • Advanced Level – උසස් මට්ටම
  • Proficiency Level – ප්‍රවීන මට්ටම

ස්වදේශිකයෙක් ලෙස ඉංග්‍රීසි බස හසුරවන්න ඔබට හුරුකරවන පාඨමාලා නිර්මාණයකරන ආයතන ගණනාවක් ලොව පුරා ඇත. ඒ අතරින් Cambridge University Press, Oxford University Press, Macmillan Education, Longman, Pearson හා McGraw Hill ප්‍රධාන වේ. එලෙසම මෙම ආයතන මගින් ප්‍රකාශයට පත්කල පාඨමාලා ගණනාවක් ලොව පුරා ජනප්‍රිය වී ඇත. මේ ඒ අතරින් කිහිපයකි.

  • Meanings into Words (Cambridge)
  • New Headway English (Oxford)
  • Straightforward (Macmillan)
  • New Cutting Edge (Longman)
  • New English File (Oxford)

ජාත්‍යන්තර භාෂාවක් භාවිතාකිරීමට යමෙකුට තියෙන හැකියාව නිරූපණය කිරීමට ජාත්‍යන්තරව පිළිගන්නා මට්ට්ම 6 ක් CEFR (Common European Framework) ලෙස සකස්කර ඇත. ඒයට අනුව A1, A2 ලෙස මූලික අවධි 02 ක්ද, B1, B2 ලෙස ස්වාධීන අවධි 02 ක්ද C1, C2 ලෙස උසස් අවධි 2 ක් ද ඇත. B1 අවධිය තරමක් පුළුල් බැවින් එහි B1+ නම් වූ ඉහල අවධියක්ද ඇත.

ඔබට ලොව පිලිගත් ඉංග්‍රීසි භාවිතාකරන්නෙක් වීමට අවශ්‍ය නම් හෝ IELTS, PTE වැනි ජාත්‍යන්තර පරීක්ෂණ වලින් තමන්ට අවශ්‍ය ලකුණු ප්‍රමාණයන් ලබාගැනීමට අවශ්‍ය නම් ඔබ මෙම ක්‍රමය ඔස්සේ ඉංග්‍රීසි බස ප්‍රගුණකල යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *